ගාල්ලේ ධීවරයෝ පාර වසති


 ගාල්ල ධීවර වරායේ කලමණාකරු මාරුකර වෙනත් අයකු එම ධූරයට එවීම පිළිබඳ විරෝධය පලකරමින් ගාල්ලේ ධීවරයෝ අද ගාලු මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පවසන්නේ හිටපු කලමණාකරු ධීවරයන් සමග යහපත් සම්බන්ධයක් තිබූ බවයි. අලුතෙන් එවූ කලමනාකරු සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් ඇතැයි ධීවරයෝ කියති. ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඒ මහතා කියා සිටියේ ගාල්ල වරායේ සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් හිටපු කලමණාකරු තාවකාලිකව වෙනත් වරායකට මාරුකැර යැවූ බවයි. අලුතෙන් පත්කළ කලමණාකරු සම්බන්ධයෙන් ධීවරයන්ට ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කළහොත් වෙනත් අයකු ලබාදීමට හැකියාව ඇති බව ද ආචාර්ය ප්‍රනාන්දු මහතා කියයි.

SAM_1288 600 SAM_1287 600