ගාල්ල අධ්‍යාපන කලාප වාර විභාගයේ නමවැනි ශ්‍රේණියට අද දෙමළ විෂය සඳහා බෙදා දී ඇත්තේ පරණ ප්‍රශ්න පත්‍රයක් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසිල් ප්‍රේමනාත් මහතා පිළිගනී. ගිය වසරේ දෙවැනි වාර විභාගයට ලබාදුන් ප්‍රශ්න පත්‍රයම දී ඇත්තේ වැරදීමකින් බවත් පරණ සීඩී තැටිය මුද්‍රණය කර ඇති බවත් මේ වෙනුවෙන් 25 දා යළි නව ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන බවත් ඔහු කියයි.

