ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යාගාරයේ විෂබීජ පැතිර යාමේ අවදානමක් මත හෘද ශල්‍යකර්ම නතර කළ බව හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා තමන්ට දැන් වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියයි.
කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ ශල්‍යාගාර තුනක් ඇති බවත් එම ශල්‍යාගාර තුනම සැත්කම් කළ හැකි බවත් තමන් අද එහි එක් ශල්‍යාගාරයක හදවත් සත්කමක් කළ බව විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය ටොලූෂා හරිස්චන්ද්‍ර මහත්මිය පවසන්නීය.
ඇය කියනුයේ විෂබීජ ඇති බවක් රෝහල් පාලන අධිකාරියෙන් දන්වා නැතැයි ද ඇය කියන්නීය.
ශල්‍යාගාරයේ ක්ෂුද්‍ර ජිවී වාර්තාවක් රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා ඒකකයෙන් ඉල්ලා ඇති බවත් එය තමන්ට ලැබෙන තුරු මේ පිළිබඳව කටයුතු කිරිමට නොහැකි බවත් අධ්‍යක්‍ෂ පවසයි.
කෙසේ නමුත් එම ශල්‍යයාගාරයේම සැත්කම් සිදු කරන විශේෂඥ උරස් ශල්‍ය වෛද්‍ය ධම්මික රත්නායක මහතාගේ ශල්‍යකර්ම බදාදා (18) සවස් වන තුරු සිදු විය.

