ගාල්ලේ තැන් කීපයක පොළොව සෙලවේ


(තරංග ගුණරත්න)

ගාල්ල , නෙළුව  අකුරැස්ස ඇතුළු ආදි ප්‍රදේශවල භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය කියයි.

ඉන්දියන් සාගරයේ සිදු වු රික්ටර් මාපංක 5.3 ප්‍රබලත්වයෙන් යුතු භූ චලනය හේතුවෙන් මේ තත්වය ඇතිවි ඇති බවද භුවිද්‍යා හා පතල් කාර්යංශ තවදුරටත් පවසයි.

මෙම හේතුවෙන් සුනාමි අවධානමක් ඇති නොවන බවද අප කල විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මෙරට වේලාවෙන් අද දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝ මීටර් 1,260ක් දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එහි බලපෑම නිසා මෙම තත්ත්වය හටගෙන ඇත.