ගාල්ලේ ජල සම්පත් මණ්ඩල කාර්යාල 12 ක සේවකයෝ වර්ජනයක


ජාතික ජල සම්පත් සහ ජලාප්‍රවාහන මණ්ඩලයේ ගාල්ල දිස්ත‍්‍රික් කළමනාකාර අයි.ඩි.විජේසිරි මහතා සේවය නිමකර යමින් සිටියදී  සිදුකළ පහරදීමට විරෝධය පළකරමින් ගාල්ල  ජලසම්පාදන මණ්ඩලයට අයත් කාර්යාල 12 ක සේවක සේවිකාවෝ වැඩ වර්ජනය කරමින් අද (15) උද්ඝෝෂණයක නිරත වුහ.

මහජනතාවට බිල්පත් ගෙවීම් කටයුතු මෙන්ම ප‍්‍රාදේශීය ජලසම්පත් මණ්ඩල කාර්යාල වලින් සිදුකරගන්න සියලූම නඩත්තු සේවාවන් ඉටු කරගත නොහැකිව ආපසු හැරීයාමට සිදුවූ බව පාරිභෝගික ජනතාව පවසයි.