
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (05) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ තලාපිටිය, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් වලටය.
මෙම ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගම්මානවල පදිංචිකරුවන් විශාල පිරිසකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇති බැවින් මෙලෙස සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.
ඒ අනුව ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණු පසු සංචරණ සීමා ඉවත්කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද සීමාවන් පනවා ඇති ප්‍රදේශවලට ඇතුළු වන අයට යළි පීටතට ඒමට නොහැකිවන බව ද සෞඛ්‍ය අංශ පවසයි

