ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අක්මීමන සහ රත්ගම ආසන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ.
ඒ අනුව බලපිටිය ආසනය සඳහා දයාරත්න ද සිල්වා, අක්මීමන ආසනය සඳහා යූ.ජී.ඩී. ආරියතිලක සහ රත්ගම ආසනය සඳහා අමරසිරි කුරුවගේ යන නව සංවිධායකවරු පත්කරනු ලැබ සිටිති.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක ලෙස සජින් වාස් ගුණවර්ධන ද අක්මීමන ආසනයට වෛද්‍ය රමේෂ් පතිරණ ද රත්ගම ආසන සංවිධායක ලෙස මොහාන් පී ද සිල්වා කටයුතු කළ අතර ඔවුන් ඉවත් කර නව සංවිධායකවරු එම ආසන සඳහා පත් කරනු ලැබ සිටිති.

