ගාල්ල ළමා නිවාසයකින් දැරියක් පලා යයි


(සුමතිපාල දීයගහගේ)

ගාල්ල කිතුලම්පිටිය විහාරමහා දේවි සහතික කළ පාසලේ (ළමා නිවාසයේ)  රඳවා සිටි 16 හැවිරිදි දැරියක් අද (19) සවස එම ළමා නිවාසයෙන් පලා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි 

මෙසේ පලා ගොස් ඇත්තේ වලස්ගල මැල්පුර ලිපිනයේ පදිංචිකාරියක්වන වත්තුහේවාගේ අමීෂා නෙත්මි සෙව්වන්දි නැමැති දැරියයි.

අවසන් වරට ඇය කහ පාට අත් කොට ටී ෂර්ට් එකක් හා තද නිල් පැහැති සායක් ඇඳ සිටි බවත් අඩි 5 ක් උස  තලෙලු සමකින් යුත් ඇය කොණ්ඩය දිගට වවා ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ගාල්ල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.