ගාල්ල මාතර පුංචි සබාවල පෙත්සම කල් යයි


ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා අපේ‍්‍රල් 01වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

පෙත්සමේ නම් සඳහන් ඇතැම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නොලැබීම ඊට හේතුවයි.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි  යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (02) සලකා බැලිණී.

එම්.එච්.හෂීස් මොහොමඞ් ඇතුළු ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන් හි පළාත් පාලන ආයතන වල හිටපු සභාපති වරුන් හා නියෝජ්‍ය සභාපතිවරුන් 18 දෙනකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති, එහි සාමාජිකයින් ,පළාත් පාලන ඇමතිවරයා ,නීතිපතිවරයා ඇතුළු පිරිසක් 29 දෙනෙකු නම් කරනු ලැබ ඇත.