මේ වසරේ පහේ ශිෂ්‍යත්වයෙන් දිවයිනේ 3,30,000ක අපේක්‍ෂකයන් අතරින් ලකුණු 198ක් ලබා පළමු ස්ථානය දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවා සිසුවාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳරුට උපහාර තිළිණය පුදකළේය.
මහින්ද ආදි සිසුන්වූ නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු ඇමැති වජිර අබේවර්ධන නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි විදුහල්පති වසන්ත සිරිවර්ධන මහත්වරුන් ඇතුළු මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීහුද මෙහි වෙති.