
(රවී ලියනගේ)
ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18 දෙනකු අද (29) පස්වරුවේ නිදහස් කළ බව ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු නිදහස් කිරීමට පියවර ගැනීමේ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන තිබේ.
සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවිය.

