ගාල්ල බන්ධනාගාරයට යොමුකිරීම් අඟුණුකොළපැලැස්සට මාරු කරයි


(යොහාන් භාසුර)

අධිකරණයෙන් ගාල්ල බන්ධනාගාරයට යොමුකරන රැදවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.  

බලපිටිය, ඇල්පිටිය, ගාල්ල, උඩුගම සහ බද්දේගම අධිකරණවලින් බන්ධනාගාරගත කරන රැඳවියන් එලෙස අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කරන බවත් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිරගොස් ඇති රෝගයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ කටයුතු සති දෙකක කාලයකට සීමා කර ඇති නිසා මෙම තීරණයට එළඹි බවත් ඔහු කීය.

රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.