ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ කඩ ලාබෙට ලබා ගත් අය අතර ගාල්ල පුරපති මෙත්සිරිද සිල්වාගේ බිරිය එම් කේ කළුආරච්චි ද, තවත් දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සමීප නෑයන් ද සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පළාත් මන්ත්‍රී නලීන් හේවගේ මහතා දකුණු පළාත් සභාවේ දී පැවසීය.
ඔහු එසේ පැවසුවේ කඩ ලබා ගත් අයගේ නම් ලැයිස්තුව මහ ඇමැති ශාල් විජයලාල් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කැරුණු අවස්ථාවේ දීය.
මෙම කඩ ලබා ගත් අය අතර නාගරික මන්ත්‍රීවරුන්ගේ බිරියන්ද සිටින්නේදැයි හේවගේ මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ මහ ඇමැති පැවසුවේ ඒ ගැන නොදන්නා බවයි.
හේවගේ මහතා ඔහුට පිළිතුරු දෙමින් පැවසුවේ ගාලු පුරපතිගේ බිරිය එසේ කඩ ලබා ගත් එක් අයකු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සමීප නෑයන් ද කඩ ලබා ගෙන ඇතැයි ද, එසේ කඩ ලබා ගත් අයගේ සම්පූර්ණ ලැයිස්තුව ඊළඟ සභා වාරයේ ඉදිරිපත් කරන බව ද ඔහු කීවේය.
කඩ ලබා ගත් අයගේ නම් ගම් ඇතුළත් සභා ගත කළ ලැයිස්තුව මෙසේය.





