ගාල්ල පිල අවසන් පූර්ව වටයට


(යොහාන් භාසුර)
 
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කඩුලු නවයකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

ගාල්ල සහ මහනුවර කණ්ඩායම් තරග දෙක බැගින් ජය ලබා ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව ගාල්ල පිලට සිවුවැනි ස්ථානය හිමිවිය.

ගාල්ල පිල අද ලැබූ පහසු ජයග්‍රහණයත් සමඟ ශුද්ධ ලකුණු වේගය -0.481 සිට -0.203 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.

මහනුවර පිල ලැබූ මෙම පරාජයත් සමඟ ශුද්ධ ලකුණු වේගය -0.664 සිට -0.771 දක්වා පහත වැටුණු අතර ඒ අනුව මහනුවර පිල තරගාවලියෙන් ඉවතට විසිවිය.

 
 

 

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න​