ගාල්ල පාසලක විදුහල්පතිනියකට නොතීසි


හතර ශ්‍රේණියේ සිසුවියකට ගුරුවරියක විසින් තවත් සිසුවියන් තිදෙනකු ලවා ටොකු ඇන්වීයැයි කියන ගාල්ලේ පාසලේ විදුහල්පතිනියට ලබන 14 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නොතීසි නිකුත් කළේය.

පාසල් සිසුවිය දිගින් දිගටම පිඩනයට ලක්වන බවට නීතිඥවරයකු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත් එසේ නොතීසි නිකුත් කළේය.