ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකය වසා දමා තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ මෙම ඒකකය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෛද්‍යවරු සංඛ්‍යාවක් නොමැති බැවින් රෝහල් අධ්‍යක්ෂවරයාට ඒ බව දින කිහිපයකට පෙර ලිඛිතව දැනුම්දීමෙන් අනතුරුව වසා දැමීමට සිදුවූ බවයි. වසා දමන ලද දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු කිහිප දෙනෙක් අලුතෙන් ආරම්භකරන ලද හදිසි ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකය සඳහා අනුයුක්ත කිරීමෙන් පසුව එහි වෛද්‍ය හිගය උග්‍රවූ බව එම ඒකකයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසන්නේ පශ්චාත් උපාධි සඳහා වෛද්‍යවරු විදේශගතවීම හේතුවෙන් වෛද්‍ය හිගයක් ඇතිවී දැඩි සත්කාර ඒකකයට රෝගීන් ගැනීම සීමා කිරීමට සිදුවූ බවයි. මෙතෙක් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඊයේත් අදත් වෙනත් දැඩි සත්කාර ඒකක වලට මාරුකැර යවා ඇත.