ගාල්තැන්නේ කපුවාට ලක්ෂ 48ක දඩ


හිඟ ආදායම් බදු වශයෙන් රුපියල් ලක්ෂ 48 ක් ගෙවන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා මහනුවර ගාල්තැන්නේ භද්‍රකාලි අම්මාන් දේවාලයේ ගාමිණී ආනන්දට නියෝග කළේය.

ඔහු දඩය එවෙලේම ගෙවීය.

වසර ගණනාවකින් ඔහු ආදායම් බදු නොගෙවීයැයි මහනුවර ආදායම් බදු කාර්යාලයෙන් මේ නඩුව පවරා තිබුණි.

ගාමිණී ආනන්දගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ දේවාලයේ සිටින විටත්, ගමන් බිමන් යන විටත් කිලෝ 5 ක පමණ රත්තරන් ආයිත්තම් පැළඳ සිටීමයි.