ලබන වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති "ආෂික්‍යූ" තුන්වැනි චිත්‍රපටය සඳහා මේ වනවිට ප්‍රධාන නළුනිළියන් තෝරා ගෙන ඇත. මෙහි ප්‍රධාන යුවළ වී ඇත්තේ සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා භාට් දෙදෙනාය. දෙවැනි "ආෂික්‍යූ" දෙවැනි චිත්‍රපටයේ මෙන්ම මෙහිදි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ආලියාට හිමිව ඇත්තේ ගායිකාවකගේ චරිතයකි.
"ආෂික්‍යූ" තුන්වැනි චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ආලියාගේ බාල සොහොයුරිය වු ෂෙහීනා භාට් බව සඳහන් වේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ආලියාගේ ඥාතීවරයෙකු වු මෝහිත් සූරිය. මෙහි රූපගත කිරීම් කටයුතු ලබන වසරේ පෙබරවාරි මාසයේදී සිදු කිරීමට නියමිත අතර, චිත්‍රපටය වසරේ මැදදි ප්‍රදර්ශනය කිරීමට සුදානම් කර ඇත.
"සන්ස් ඔෆ් කපූර්" චිත්‍රපටයද සමගින් ආලියා හා සිද්ධාර්ත් පෙනී සිටින දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වේ.