(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ මහතා අද (9) අභාවප්‍රාප්ත විය.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වැනි වියෙහි පසුවිය.
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක හා සංගීත අධ්‍යක්ෂකවරියක වන දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ආරියසිංහ මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි.
'මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා', 'සදළුතලෙන්' ආදී ගීත ගණනාවක් ඔහු ගායනා කර තිබේ.

