බත්තරමුල්ල පැලවත්ත විජිතපුරයේදී 57 හැවිරිදි පුද්ගලයකුට අතින් පයින් පහර දී තුවාල සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන තරුණ ගායකයා සොයා ගැනීමට නැතැයි පොලිසිය කියයි.
පොලිසිය කිහිපවරක් ඔහුගේ පැලවත්ත නිවසට ගොස් ඇතත්, ඔහු නිවසේ සිට නොමැති බව කියති.
පහර දීමෙන් තුවාල ලැබූ සිසිර ප්‍රේමලාල් තලංගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තුවාල වලට මැහුම් හතරක් දමා ඇති බවත් රෝහල් ආරංචි පවසයි.