ගායක ‘චිලී‘ අත්අඩංගුවට


පැළවත්ත විජිතපුර දී ඉකුත් 6 වැනි දා පුද්ගලයකුට (56) පහර දුන්නැයි සැකපිට ගායක චිලී තිලංක තලංගම පොලිසිය විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.

ගැමියකුට අතින් පයින් පහරදී තුවාල සිදුකළැයි ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. තුවාල ලැබූ ගැමියා තලංගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.