එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ (අන්ක්ටාඩ් ) මහ ලේකම්වරයකු හා ශ්‍රී ලංකාවේ ආර්ථික විශාරදයකු වූ අභවප්‍රාප්ත ආචාර්ය ගාමිණී කොරෙයාගේ අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ බූදලය රුපියල් කෝටි 150කි.
ගිය වසරේ නොවැම්බර 03 වැනි දා ඔහු මිය ගියේ 88 වැනි උපන් දිනයට දවසකට කලිනි.
ශ්‍රී ලංකාවේත් ස්විට්සර්ලන්තරයේත් ඔහුගේ වත්කම් ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔහුට හිමි වූ රුපියල් අට කෝටි හැට ලක්ෂයක විශ්‍රාම වැටුප, රුපියල් කෝටි 120ක දේපොළ, රුපියල් හයකෝටි හැත්තෑ ලක්ෂයක ස්ථිර තැන්පතු ඊට ඇතුළත් වේ.
කොළඹ හෝටන් පෙදෙසේත්, ග්‍රෙගරි පාරේත්, නුවර එළියේත්, ජිනීවා නුවරත් ඔහුගේ වත්කම් ඇත. ගාමිණී කොරෙයා පදනමට එහි සියලු වත්කම් බැරවේ.
ආර්ථික හා එවැනි අංශ ප්‍රවර්ධනය සඳහා මේ පදනමෙන් ආධාර කෙරේ. ශිෂ්‍යත්ව හා වෙනත් අධ්‍යයන කටයුතු සඳහා එම අරමුදලින් ආධාර දීමට නියමිතය.
ඔහුගේ එම වත්කම් පරිපාලනය කිරීම සඳහා සුගන්දි විජේසූරිය කදිර්ගාමර් මහත්මිය කොළඹ අතිරේක දිසා විනිසුරු වයි ප්‍රානන්දු මහතා විසින් පත්කරනු ලැබ සිටියි.
ආචාර්ය ගාමිණී කොරෙයාගේ මව ෆ්‍රෙඩා කොරෙයා නමින් එම ශිෂ්‍යත්ව හා ප්‍රදාන පිරිනැමෙනු ඇත.

