අන්තර්ජාතික කීර්තියට පත ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු, තානාපතිවරයෙකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වු ආචාර්‍ය ගාමිණී කොරයා මහතා අභවප්‍රාප්ත විය.
කලක් අසනීපව සිටි ඔහුගේ අවසන් කටයුතු බොරැල්ලේදී අද සිදු කිරීමට නියමිතය.
1925 නොවැමිබර් 04 දින ඉපදුනු ඔහු එක්සත් ජාතීන්ගේ වෙළද හා සංවර්ධන සමුළුවේ (අන්ක්තාඩ්) මහ ලේකම්වරයා විය.
යුරෝපා ආර්ථික කොමිසමේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකුද විය. ක්‍රම සම්පාදන ලේකම්වරයෙක්ද විය.
1950 දී අරඹුණු ශ්‍රී ලංකා ජාතික ආර්ථික සැලැස්මේ නිර්මාතෘ ඔහු නිසා ශ්‍රී ලංකාව ලැබු අන්තර්ජාතික කීර්තිය බොහෝය.