ගාමිණි ජයවික්‍රම දිවි සැරිය නිම කරයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 83 වැනි  වියේ පසුවිය.

පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම  පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.

ගාමිණී ජය වික්‍රම පෙරේරා  මහතාගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගල ඒ මහතාගේ නිවෙසට ගියේය.

ඒ් මහතාගේ අවසන් කටයුතු කුරුණෑගල  පන්නල ක්‍රීඩාංගණයේදී අනිද්දා  (20)පස්වරුවේ සිදු කෙරෙයි.  දේහය කටුගම්පල මාහොලව නිවසේ තැන්පත් කර තිබේ.