ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36


ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන ශ්‍රීමත්  මහත්මා ගාන්ධි මැතිතුමා භාවිතාකළ මිරිවැඩි සඟලක් රුපියල් ලක්ෂ  36 කට (පවුම් 19 000 කට ) වෙන්දේසි විය.  අමතරව මහත්මා ගාන්ධිගේ අවසන් කැමති පත්‍රය ලෙස සැලකෙන ගුජරාත් භාෂාවෙන් ලියා ඇති පිටු දෙකක ලියවිල්ල පවුම් 55 000 කට (රුපියල්  එක් කෝටි පන් ලක්ෂයකට වෙන්දේසි විය. මෙහිදී ගාන්ධි  ගේ ලේ සාම්පලයක්ද වෙන්දේසියට තබා තිබුණද එයට මිලක් හිමි වූයේ නැත.