ඉන්දියාව සමඟ තමාට ගිවිසුමකට අත්සන් තැබීමට සිදු වූ බව හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට සංචාරයක යෙදුණු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ පීටර් ගැල්බ්‍රෙයිත් මහතා සමඟ පවසා ඇතැයි ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉන්දීය රජය මෙන්ම මෙරට හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයට සිය විරෝධය ප්‍රකාශ කළ බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ‘පිස්සු මිනිසෙක්’ යනුවෙන් හැඳින්වූ බවත් 1988 පෙබරවාරි මාසයේ පැවැති සංවාදයකදී කතා කෙරුණු බවත් ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශය (සී.අයි.ඒ) තවදුරටත් රහස්‍ය නොවන වාර්තාවක් සඳහන් කරන බව ද ‘ද හින්දු’ වෙබ් අඩවිය සඳහන් කරයි.
පිටත මිතුරන් කිසිවකුත් තමාට සහයෝගය නොදක්වන බැවින් ඉන්දීයාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමට සිදු වූ බව ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා උපුටා දක්වමින් සී.අයි.ඒ වාර්තාව සඳහන් කර ඇතැයි පැවසේ.
ගාන්ධි - ජයවර්ධන ගිවිසුමේ පසුබිම සම්පූර්ණ වාර්තාව.

