ග්‍රේරෝ හජ් කැට හොරා අල්ලයි


පානදුර වෑකඩ ජුම්මා මස්ජිද් පල්ලියේ පිංකැටය සොරා ගත් බව කියන පුද්ගලයා හදුනා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝ ඉව ඉවහල්වීයැයි පොලිසිය කියයි.

වසර දෙකක් පුරාම පිරී තිබූ පිං කැටයේ රුපියල් ලක්ෂ ගණනක් තිබෙන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

පල්ලියට අද උදේ ඇතුළු වන්නට ඇතැයි කියන සොරා දමා යන ලදැයි කියන යතුරක ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරෝ කතක හා දරුවන් දෙදෙනකු සිටි ගෙදරක ඇඳක් ළඟ නතර වූ බවත්, ගෙහිමියා නොසිටි බවත් පොලිසිය කියයි.