වාද්දූව හෝටලයක ලැගුම් ගත් ස්කොට්ලන්ත ජාතික යුවළකගේ රුපියල් ලක්ෂ අටක් වටිනා කැමරා හා ටැබ් පරිගණකයක් සොරා ගත් බව කියන ආයිආර්සී කාරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කාමරයේ තිබූ වතුර වීදුරුවක් ඉව ඇල්ලූ පොලිස් සුනඛ ග්‍රේරෝ අසළ නිවසකට ගිය බවත්, පෙර දින රාත්‍රියේ දිවයිනේ නම ගිය අපරාධකරුවකු එහි පැමිණ සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

