ග්‍රේරු වැඩිහිටියන්ට නොමිලේ ඉංග්‍රීසි උගන්වයි


පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය ඉහළ නැංවීම සඳහා පාසල් පද්ධතියට අමතරව නිවසේදී ඉංග්‍රීසි භාෂාව භාවිතයට හුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මව් පියන්ට සඳහා නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ වැටසටහන 15 වැනිදා පෙ.ව 8 නුගේගොඩ මොහාන් ලාල් ග්‍රේරු  පදනම් මුලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතය.

රැකියාවල නියතු සහ රැකියා නොකරන ඕනෑම මව්පියකුට පහසුවෙන් අධ්‍යනය කළ හැකි පරිදි මෙම ඉංග්‍රීසි අධ්‍යාපන ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

ඕනෑම අධ්‍යාපන මට්ටමක අයෙකුට මෙම පාඨමාලාව සඳහා ඇතුළත්වීමට පහසු පරිදි ඉංග්‍රීසි භාෂාවේ මුලිකාංග, ව්‍යාකරණ හා උච්චාරණය හා නිවැරදි භාෂා භාවිතය මේ යටතේ අධ්‍යාපනය කිරීමට අවස්ථාව හිමි වේ.

මේ සඳහා ඇතුළත්වීමට අපේක්‍ෂිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචි දෙමාපියන් තම නම ලිපිනය ලියූ මුද්දර කවරයක් “දෙමාපිය ඉංග්‍රීසි අධ්‍යාපන ව්‍යාපෘතිය” මාධ්‍ය හා තොරතුරු අංශය, මොහාන් ලාල් ග්‍රේරු පදනම අංක 18, පීටර්ස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට මාර්තු මස 11 වන දිනට ප්‍රථම යොමු කළ යුතුය විස්තර දුරකථන අංක 0112825213 ඇමතීමෙන් ලබාගත හැකි බව එහි ප්‍රකාශකයෙක් කිය.