‘මොහාන් ලාල් ග්‍රේරු පදනමේ‘ නොමිලයේ ඉංග්‍රිසි උගෙනගත් භික්ෂුන් වහන්සේලා හතලිස් දෙනමක් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී සහතික ලදහ.
නොමිලේ පුහුණුව ලද පස් වැනි කණ්ඩායම මේ හිමිවරු වුහ.
ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවස අනු නා හිමි හා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනඅංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිවරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර , බුද්ධ ධර්මය සහතික පත්‍ර,ඉංග්‍රිසි ඩිප්ලෝමා සහතික පත්‍ර හා බුද්ධ ධර්මය ඩිප්ලෝමා සහතික පත්‍ර යනුවෙන් අංශ හතරක් යටතේ භික්ෂුන් වහන්සේලා මෙහීදී සහතික ලැබුහ.