ග්‍රීසියේ ඇමෙරිකන් තානාපතිට ධුරයෙන් යන්නැයි ට්‍රම්ප් කියයි


ග්‍රීසියේ ඇමෙරිකා තානාපතිනිය කිම්බර්ලි ගිල්ෆොයිල්ට වහාම සිය ධුරයෙන් ඉවත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.

ධනවත් ග්‍රීක ව්‍යාපාරිකයන්ගෙන් අධික පිරිවැයක් සහිත ආගන්තුක සත්කාර ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කිම්බර්ලි ගිල්ෆොයිල්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

කිම්බර්ලි ගිල්ෆොයිල්ට වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ට්‍රම්ප් නියෝග කර ඇත්තේ එම චෝදනා මුල්කොට ගනිමිනි.
කිම්බර්ලි ගිල්ෆොයිල් සිය ධුරයෙන් ඉවත් වනු ඇති බව ධවල මන්දිර නව මාධ්‍ය ලේකම් කේටි සකාරියා සිය මාධ්‍ය හමුවේදී පැහැදිලි කළාය.

කේටි සකාරියා, ධවල මන්දිර නව මාධ්‍ය ලේකම්වරිය ලෙස පැවැත්වූ පළමු මාධ්‍ය හමුව මෙය යැයි පැවැසෙයි.

මේ අතර, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින්, කිම්බර්ලි ගිල්ෆොයිල් පවසා ඇත්තේ තමන්ට එල්ල වන සියලු තොරතුරු පදනම් විරහිත බවය.

තමන් ධුරයෙන් ගියත්, ජනාධිපති ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ වෙත තමන් දක්වන පක්ෂපාතීත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි ද ගිල්ෆොයිල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අවධාරණය කර ඇත.