ග්‍රීස් යකාත් රිමාන්ඩ්


වැල්ලව, ගනේවත්ත, අඹකොළවැව තමාරා කේශානි විජේකෝන් දැරිය පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඉලේපෙරුමආරච්චිගේ ගාමිණී (32)  හෙවත් ග්‍රීස් යකා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සිද්ධියට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරුගේ මව වන රණසිංහ ආරච්චිලාගේ ගුණවතී හා ප්‍රේමසිරි රාජපක්ෂ යන අයද 24 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට මීට පෙර නියෝග කර තිබුණි.