කෙනකුගේ ඕනෑ එපාකම් සලකා බලනවාට වඩා සමාජයට දිය යුතු යහපත සොයා බැලීම අධිකරණයේ වගකීම බව කුඩු ග්‍රෑම් 7.4ක් අළෙවි කළ තුන්දරු පියකුට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.
සින්නයියා කදිරවේලු මට්ටක්කුලිය කිඹුලා ඇල ප්‍රදේශයේ කුඩු බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයකදී මේ වරද කළ බවට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි නඩුවේදී සදහන් විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැටලීම කරන ලද්දේ 2005 ජනවාරි 26 වැනිදාය.