ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් පැන්න සැකකරු කුරුණෑගලින් අල්ලයි


ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ දී මාංචු පිටින් පළාගිය සැකකරුවකු කුරුණෑගල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ බව කියන සැකකරු අල්ලා ගැනීමට සීසීටීවී කැමරාවල සටහන් වූ සැකකරුගේ ඡායාරූප ජනතාව අතර බෙදාදීම හේතුවෙන් ජනතා සහායෙන් ඔහු කොටුකර ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.