ග්‍රෑන්ඩ්පාස් ගැටුමට හේතු ඇමැති දකී


කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් අවාසනාවන්ත කෝලාහලය රජය අපහසඅතාවයට හා අපකීර්තියට  පත් කරන්න දේශීයව හා වීදේශීය ව ක‍්‍රියාත්මක වන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිථලයකියි ඇමැති  නිමල් සිරිපාල ද සිල්වා කටුගස්තොටදී පැවසීය.

පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේ රජය ජාත්‍යන්තරව අපකීර්තියට පත් කරන්නට කොටි ඩයස් ෆෝරාව දේශීය බලවේගද සමග මෙවැනි දේ සිදු කරතියි  ඇමැති පැවසීය.

මෙවැනි කෝලාහල ඇති වේ නම් අපි දිවි හිමියෙන් ඇති කර ගත් සාමයේ හා නිදහසේ ප‍්‍රයේජනයක් නැති බවද ඔහු කීවේය.

ඡන්දයකදී පමණක් නොව රටේ සංවර්ධන ක‍්‍රියාවලියක දී වුනත් සෑම ජන කොටසක්ම එක්සත්ව ඉදිරිපත්ව ක‍්‍රියාත්මක කරන්න අවශයයි .‘‘

අපි රටක් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් යන සෑමජන කොටසක්ම එක්සත්ව මෙවන් ප‍්‍රශ්නවලට මුහුණ දී දේශිය මෙන්ම විදේශීය  කුමන්ත‍්‍රණ පරාජය කළ යුතු බවද ඇමැති කීවේය.