ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම නෙදර්ලන්තයෙන් ආධාර


(රංජන් කස්තුරි)

රටපුරා ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1ක මූල්‍ය ආධාරයක් ලබාදීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ.

දුෂ්කර ගම්මානවල පාලම් ඉදිකිරීමටත් එමගින් එම ගම්මානවල සංවර්ධනය ඇතිකිරීමටත් නියමිත බව පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

රටපුරා දුෂ්කර ගම්මාන ආශ්‍රීතව පාලම් 4000 කර ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයිනපුරා වානේ පාලම් 250 ඉදිකිරීමට අදාල මූල්‍ය ආධාරය නෙදර්ලන්තයේ රබෝ බැංකුව මගින් ලබා දීමට නියමිත අතර ඊට අදාල ණය ගිවිසුමට අත්සන් කෙරිණි.