ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ තවමත් මහින්ද චින්තනයලු


ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවිය බලද්දී අමාත්‍යවරයාගේත්, නියෝජ්‍ය අමාත්‍යවරයාගේත්, ලේකම්වරයාගේත් ඡායාරූප තිබුණත් තවමත් දැක්ම වී ඇත්තේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාම බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් උදිත වි‍ජේසිංහ මහතා පවසයි.

මහනුවර පැවැති රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 26 වන සභා රැස්විම අමතමින් විජේසිංහ මහතා මේ බව කීවේය.

‘මම වයස 8 දි 1984 දි පූඬළුඔය පශු වෛද්‍ය කාර්යාලයට ගියා බලු පැටියෙක් අරගෙන.  වසර 31 ගියත් මේ දක්වාත් එය ඒ තත්ත්වයේමයි. විශේෂත්වය තියෙන්නෙ රතු පාට, නිල් පාට සියල්ලන්ම මේ අමාත්‍යංශ කළා. අනුර කුමාර මහත්තය වසර 2 යි. හැරිසන් අමාත්‍යවරයා දැන් ඉන්නවා. අනෙක් සියලුම රජයේ ස්ථාන දියුණු වුවත් පශු ක්ෂේත්‍රයේ දියුණුවක් නෑ. කාලෙන් කාලෙට පාට වෙනස් කරනවා.

පශු කේෂත්‍රයේ ගැටළු විසඳා දීමට ජනාධිපති නියෝජිතයෙක් ලෙස පැමිණි සරත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කිරිම නිසා කිසිදු වැඩ වර්ජනයකට නොයන බවත් ලේකම් වරයා පැවැසීය.

web_20151214pasu6 web_20151214pasu62