ග්‍රාමසේවක අල්ලස් දැලේ


ගුරුතලාවේ මිස්කින් බාවා ෆවුසුල් ඉනායාට පදිංචි සහතිකයක් නිකුත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට මොරගහතැන්න වැඩබලන ග්‍රාම නිලධාරී සෝමපාල මාපා බණ්ඩාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

මුලදී රුපියල් 4000ක් ඉල්ලා පසුව එය දස දහස දක්වා වැඩි කර ඇතැයි  සැකකරු බන්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරත්නම් ට්‍රොට්ස්කි මහතා වෙත මුලින්ම ඉදිරිපත් කළ අල්ලස් කොමිසම කියා සිටියේය.