කඩවත සූරියපාළුවේ ග්‍රාම නිලධරයකු හා කට්ටඩියකු ඇතුළු පස් දෙනකු මැදිරිගිරිය නව නගරයේ යාය දෙකේ නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලීසිය එහි යන විට කට්ටඩියා අඩි තුනක් ගැඹුරැති වළක් ඉදිරිපිට මන්තර ජප කරමින් සිටි බවත්, පළතුරු, පොල් මල්, මැටි පහන් ආදිය මෙන්ම අලවංගු ආදිය ද එහි වූ බවත් පොලීසිය පවසයි.
මැදිගිරියේ හා වත්තල දෙදෙනෙක් ද එහි වූහ.