
( පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
මීරිගම ප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරිවරයෙකු, අයිස් මත්ද්‍රව්‍ය සමඟ හලුගම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නැලිගම, මීරිගම පදිංචිකරුවෙකි.
ඊයේ (24) රාත්‍රී මීරිගම පොලිසියේ නිලධාරි පිරිසකට ලැබුණු තොරතුරක් මත සිදු කෙරුණු වැටලීමකදී මෙම ග්‍රාම නිලධාරිවරයා සතුව තිබී අයිස් සොයාගෙන තිබේ.
අත් අඩංගුවට ගැනුණු ග්‍රාම නිලධාරීවරයා මතද්‍රව්‍ය පානය කිරීමේ යෙදී ඇති පුද්ගලයකු බවට පොලිසිය සැක කරයි. සැකකරු (25) දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

