ග්‍රාම නිලධාරී වසම් 10 ක් හුදකලා බවින් නිදහස් කරයි


හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 10 ක් හෙට (27) උදෑසන 5.00 සිට හු‍දකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 9 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මොරගල ග්‍රාම නිලධාරී වසම හෙට සිට හු‍දකලා බවින් නිදහස් කෙරේ.