ග්ලයිපෝසෙට් ගෙන ආ දෙන්නා රිමාන්ඩ්


(මහින්ද නිශ්ශංක)
 

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තහනම් ග්ලයිපෝසෙට් රසායනික ද්‍රව්‍ය පැකට් 4206ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන අප්‍රේල් 3 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට අලුත් කඩේ අධිකරණය නියෝග කළ බව රේගු නිවාරණ අංශය කියයි.

අත්අඩංගුවට ගත් රසායනික ද්‍රව්‍ය තොගය හා ලොරි රථය රේගු භාරයට ගෙන ඇත.