ග්ලයිපොසෙට් පැකට් 4205ක් උඩුප්පුවෙන් අල්ලයි


(පද්මා කුමාරී කංකානම්ගේ ඡායාරූප-ජූඩ් සමන්ත)

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ ග්ලයිපොසෙට් උග්‍ර වල් නාශක පැකට් 4205 ක් උඩප්පුව මුහුදු වෙරළේදී ලොරි රථයකට පටවමින් සිටි දෙදෙනකු අද (22) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

2015 ජනවාරීයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයකින් මෙම වල් නාශකය භාවිතය,විකිණීම හා ප්‍රවාහනය සම්පුර්ණයෙන් තහනම් කර ඇති බව අප කළ විමසීමේ දී පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශි‍යාමලි මහත්මිය පැවසුවේය.