හොරණ පොකුණුවිට කුළුපනේ ස්වයං රැකියා කරන්නෙක් 2005දී විදුලිය ගත්තේය. 2012 වන තුරු ඔහුට බිලක් නොලැබිණි.
2012 දෙසැම්බරයේදී රුපියල් 38,000ක, ඉන් පසු රුපියල් 40437 ක ද බිලක් ලැබිණි.
2005 සිට බිල් නොඑවීම ගැන විදුලිබල මණ්ඩලයට ලියුම් කිහිපයක් යැවූ බවත්, ඊට පිළිතුරු නොලැබුණු බවත් ඔහු කියයි.
දින දෙකකට පෙර ඔහුගේ විදුලිය සිඳලීය.
ස්ථිර ආදායමක් නැති තමාට ඒ මුදල එකවර ගෙවිය නොහැකි බව ඩී ඒ ජේ එම් ගුණරත්න මහතා කියයි.
අපොස පන්තියේ ඉගෙන ගන්නා පුතාට ද දැන් රාත්‍රී කාලයට පාඩම් කිරීම ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු කියයි.
හිඟ මුදල් වාරික හයකින් ගෙවන ලෙස ඔහුට නියෝග කර ඇත.
ඒ අනුව ඔහු රුපියල් 6470ක් සමග මාසේ බිල ගෙවිය යුතුය.
මෙතරම් මුදලක් ගෙවා ගැනීමට නොහැකි බව ඔහු කියයි.
මේ ගැන කතා කිරීමට මණ්ඩලය හමුවීමට ගිය විට එක්කෝ බිල ගෙවන්න, නැත්නම් ලාම්පුතෙල් භාගයක් අරං ගෙදර යන්න යනුවෙන් නිලධරයකු කී බව ද ගුණරත්න මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධරයන් සම්බන්ධ කර ගැනීමට දුරකතන අංක දහයකින් සමග වරුවක් තිස්සේ ගත් උත්සාහය අසාර්ථක විය.
විදුලිබල මණ්ඩලය අද ඔවුනට දැන්වූයේ රුපියල් තුන් දහසක් හා මාසික බිල ගෙවන ලෙසයි. ඒ අනුව ඔහු අද රුපියල් තුන් දහසක් ගෙව්වේය.
හොරණ විදුලි ඉන්ජිනේරු සී කන්දෙගෙදර මහතා පැවසුවේ තමන් අතින් වරදක් සිදුවී ඇති බවයි. අදම විදුලිය සන්ධි කරන බව ද ඔහු කීවේය.
(ඡායාරූප සිරි මහ බෙල්ලන)