ගහට නියමවූ ලුතිනන් ඇපැල් ගනී


පැනවු මරණ දඬුවම ඉවත් කරන්නැයි ඉල්ලමින් යුද හමුදා ලූතිනන්වරයෙක් අභියාචනාධිකරණයට ඈපෑලක් ඉදිරිපත් කළේය.

දික්කසාදවී සිවු වසරකට පසුව බිරිය මරා දැමීයැයි ලුතිනන් ඩබ්ලිව් සුසන්ත ජානක වැරදිකරු විය.

පොලිසිය ඉදිරිපත් කළ ලේඛනවල සටහන් කපා කොටා මකා දමා ඇති බව පෙන්වා දුන් විට පොලිසියේ දක්ෂ යතුරු ලියන්නන් නොමැති බව දක්වමින් එම කරුණු සැළකිල්ලට ගෙන නැති බවත් තමන් අත්අඩංගුවට ගැනීමටත් පෙරම ඒ බව පුවත් පත් වල පළ කොට ඇති බවට මාධ්‍යවේදීන් ලවාම පෙන්වා දුන් විට පුවත්පත් වාර්තාකරුවන් හුදෙක් තොරතුරු ප‍්‍රකාශ කරන්නේ ඔහුන්ගේ ව්‍යාපාරික අරමුණු මත බව කියමින් එම සාක්කි පිළිගැනීම මහාධිකරණ විනිසුරු ප‍්‍රතික්ෂේප කළ බව ඔහු කියයි.

2004 මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනෝමා මාගම්මන මරා රුපියල් 80,000/- ක රන් දම්වැලක් සහ රුපියල්   45,000/-  ක මුදල් කොල්ලකන ලදැයි විත්තිකරුට එරෙහිව පවරා තිබු චෝදනාවන්ට ඔහු වරදකරු කොට ඔහුට නියම කළ මරණ දඬුවමට අමතරව වසර 30ක සිර දඬුවමක්ද රුපියල් ලකෂ 1 1/2ක දඩයක්ද නියම විය.