මුස්ලිම් කොන්ග්‍රසය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දෙනවාද එසේ නැතිනම් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙනවාද යන්න ගැන තීරණාත්මක රැස්වීමක් දැන් මහනුවරදී පැවැත්වේ.
පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර මණ්ඩලය මහනුවර හෝටලයක සාකච්ඡා පවත්වයි.

