ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසකට එක්වර මරණ දඩුවම හිමි වුයේ දැරණියගල නුරි වත්තේ නඩුවේදීය. වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා පාතාලයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළ නොරිස්සු මැරයෝ පිරිසක් දේශපාලන රැකවරණ ලබමින් වතු අධිකාරි කුරිරු ලෙස මරා දැමුහ.
ඊට කලින් වැඩිම පිරිසකට මරණ දඩුවම නියම වුයේ නුවරඑළියේ දීය. ඒ පසුගිය අගෝස්තු මාසයේ දීය. එකම පවුලේ හත් දෙනෙකුට මරණ දඩුවම නියම විය.
1996 යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුවේ සෙබළු පස් දෙනෙක් හා කොස්තාපල්වරයකු පෝරකයට නියම කරනු ලැබුහ.
පසුගිය හතළිස් වසරේ ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවීය. පෝරකයට නියම වු 600 ට ආසන්න පිරිසක් සිටිති.