ගස් නඩුවේ පැමිණිල්ල ගස් : පුරපති නිදහස්


මොරටුව රාවතාවත්ත පොදු සුසානභුමියේ තේක්ක ගස් කිහිපයක් නීති විරෝධී ‍ලෙස කපා ඉවත්කල බවට පවරා තිබු නඩුවේ විත්තිකාර මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු සියලු චෝදනාවලින් නිදහස් කර නඩුව අවසන් කරන මෙන් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරවින් පෙරේරා මහතා නියෝග කළේය.

සුසාන භුමියේ සංවර්ධන කටයුත්තකට යයි පවසමින් පුරපති සමන්ලාල් ප්‍රනාන්දු නීති විරෝධී ‍ලෙස පසුගිය මාසයේ 17 වැනිදා ගස කපා දැමුවේ යයි මොරටුව උප පුරපති මොරටු පොලීසියට කල පැමිණිල්ලකට අනුව නඩු පැවරිණි.

12400523_1673982789550327_6061032008931977676_n[1] 12540960_1673982732883666_951895400241534952_n[1] 12592719_1673982679550338_6882818240049715033_n[1]