මොරගහකන්ද රක්ෂිතයේ දර කැපීමට පැමිණියැයි සැකපිට නාවික සෙබළු හතර දෙනකු ලොරියක් හා ට්‍රැක්ටරයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවුල අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.
පූනෑව කඳවුරට අනුයුක්තව සේවය කරණ මේ සෙබළු පවසා ඇත්තේ අනුරාධපුරයේ ඉදිකිරීමකට අවශ්‍ය ගඩොල් පිලිස්සීමට අවශ්‍ය දැව කැපීමට තමන් කැලයට පැමිණි බවයි. මොරගහකන්ද ජලාශයට යටවන ප්‍රදේයේ ගස් ඉවත්කිරීමෙන් පසු ඉතිරිවූ දර කැබලි මෙලෙස රැගෙන ගිය බව ද නාවික භටයෝ පවසා ඇත.
වන සංරක්ෂණ නිලධාරින් පවසන්නේ මින් පෙර දර රැගෙන යාමට නාවික හමුදාවෙන් පැමිණි බව තමන් දන්නා බවයි. මෙවර පැමිණ ඇත්තේ කිසිදු දැනුම් දීමකින් තොරව බැවින් ඔවුන් අත්ඩංගුවට ගත් බව ද ඔවුහු කියති. සැකකරුවන් නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

