ගසක් ගාල්ල - මාතර පාර හරස් කරයි


ගාල්ල- මාතර ප්‍රධාන මාර්ගයට වැලිගම ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයට ගස කඩා වැටී ඇතැයිද ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අසීරු වී ඇතැයි ද කියති.